ක්‍රීඩාදේශීය

මෙන්ඩිස් සහ දික්වැල්ලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු එංගලන්තයේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.

අදාල වීඩියෝවේ සිටින ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔවුන් මෙරටට ගෙන්වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

එමෙන්ම මෙලෙස ක්‍රීඩකයින් ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

විසර්ජන පනත් කෙටුම්පත 2026 සඳහා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

Editor O

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ බොරුකාරයෝ ගැන හොයන්න තොරතුරු පනතට වැඩ වැඩිවෙයි.

Editor O

Leave a Comment