දේශීය

අසේල සම්පත් CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල මහතා සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල, පැලන්වත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ (25) ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මෙරට ලබාදෙන ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ චෝදනා මත ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

ගම්පොළ සිදුවූ මාරක රිය අනතුරින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අද සිට වැටලීම් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment