දේශීය

2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ අද (24) දිනයේ සිට ලබන මස 10වන දින දක්වා අයදුම්පත්‍ භාර ගැනීම සිදුකරන බවය.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බවද සනත් ජූජිත මහතා සඳහන් කළේය.

“ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (www.doenets.lk) ඒ සඳහා ඉල්ලුම් කළ හැකියි. ජංගම දුරකථන සඳහා අපි සකස් කරලා තියෙන විශේෂ ඇප් එක හරහාත් ඒ සඳහා ඉල්ලුම් කිරීමට පුළුවන්.”

Related posts

උපාධිධාරීන්ව කැඳවීම මැතිවරණ නීති කැඩීමක් – CMEV

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ගැන සොයන්න CID කණ්ඩායමක්

Mohamed Dilsad

මහජන ගැටලූ වලින් 28000 කට පමණ විසඳුම් ලබාදී අවසන්

Mohamed Dilsad

Leave a Comment