කලා

‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයට එන සුපිරි නළුවා

බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් ඉදිරියේදී රූපගත කරන්නට සැළසුම් කර ඇති ‘මාස්ටර්’ දකුණු ඉන්දීය චිත්‍රපටයේ බොලිවුඩ් අනු නිර්මාණය සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වෙයි. මේ වනවිට සුපිරි චිත්‍රපට කිහිපයක් වෙනුවෙන් සිය කාලය වැයකොට ඇති සල්මාන් ඛාන් මෙම චිත්‍රපටයට සම්බන්ධ විමට තම කැමැත්ත මීට දින කිහිපයකට පෙර ලබාදුන් බව ඉන්දීය මාධ්‍යන් වාර්තා කර තිබේ.

ඔහු අවසන් වරට රඟපෑ ‘රාධේ’ චිත්‍රපටය මුළුමණින්ම අසාර්ථක එකක් වූ අතර, එය සල්මාන්ගේ නිෂ්පාදනයක්ද වීම විශේෂත්වයකි. ‘මාස්ටර්’ දමිල චිත්‍රපටයේ තලපති විජේ රඟපෑ චරිතය සල්මාන් විසින් නිරූපණය කරන අතර, විජේ සමග ප්‍රධාන චරිත රඟපැ විජේ සේතුපතිගේ චරිතයට තවමත් නළුවෙකු තෝරා ගෙන නොමැති බව වාර්තා වෙයි. එහෙත්, බෙහෝ දෙනා පවසන්නේ මේ සඳහා සල්මාන්ගේ සමිපතම නළුවෙකු තෝරා ගැනීමට වැඩි ඉඩක් පවතින බවය.

Related posts

ඉරෙන් හදෙන් ගයා ජනාදරයට පත්වූ හර්ෂණ දිසානායක යුග දිවියට [PHOTOS]

Mohamed Dilsad

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

රන්විර් සිං ගේ නවතම චිත්‍රපටය ළඟදීම.

Mohamed Dilsad

Leave a Comment