දේශීය

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ සැකකරුවෙක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස්හැවිරිදි “ක්ලෙමන්” නැමති නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.

ඊයේ (11) සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබෙනවා.

Related posts

නිරෝධායන මධ්‍යස්ථාන ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

බස්නාහිර පැය 2ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

”රට වැටිල තියෙන තත්වය රටේ ප්ලේන් ගෙන්වීම ගැන ලැජ්ජයි”

Mohamed Dilsad

Leave a Comment