කලා

ජෝන් යළිත් චිත්‍රපට නිෂ්පාදනයට

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් චිත්‍රපට නළුවෙක් ලෙස ප්‍රකට නම් දරා සිටින ජෝන් ඒබ්‍ර්හිම් කලක සිට සිනමා නිෂ්පාදනයටද යොමුව සිට ඇත.   

මේ වනවිට ඔහු විසින් නිෂ්පාදනය කර ඇති බොලිවුඩ් චිත්‍රපට ප්‍රමණය පහකි. ඉන් චිත්‍රපට බොහෝමයක් අති සාර්ථක ඒවාය. ජෝන් මැතකදී පවසා තිබුණේ තමන් මලයාලම් චිත්‍රපටයක් අනු නිර්මාණයක් නිෂ්පාදනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බවය.

ඒ 2019 වසරේ ප්‍රදර්ශනය වූ ‘අයියප්පන් කොෂියම්’ නම් මලයලම් චිත්‍රපටයේ හින්දි නිර්මාණයයි. 48 වැනි වියෙහි පසුවන ජෝන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි ප්‍රධාන චරිතයද නිරූපණය කිරිමට බලාපෙරොත්තුවෙන බව පැවසේ.

Related posts

‘හල්ක්’ චිත්‍රපටයට වීර කාන්තා චරිතයක්

Mohamed Dilsad

“ජෝකර්” සිනමාපටයට ඔස්කාර් නිර්දේශ රැසක්

Mohamed Dilsad

ඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මිය යයි

Mohamed Dilsad

Leave a Comment