කලා

ඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මිය යයි

 

(UTV | කොළඹ) –  ඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ.

21 හැවිරිදි ඔහුගේ මරණය පිළිබඳව පළමුව TMZ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබු අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ විමසීමක දී එය ඉල්නෝයි ප්‍රාන්ත වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කර ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , Juice Wrld ගේ සැබෑ නාමය වන්නේ ජරාඩ් ඇන්තනි හිගින්ය.

2018 දී ජනප්‍රිය වූ Lucid Dreams ඔහුගේ ගීතයකි.

ලෝක ප්‍රසිද්ධ මෙම රැප් ගායකයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාංකීක සංස්කෘතිය විදහා දක්වන කෞතුකාගාරයක් නිව්යෝර්ක්හි ඇරඹු ජූලියා විජේසිංහ(වීඩියෝව)

Mohamed Dilsad

හල්ක් නැවතත් කරළියට එන ලකුණු

Mohamed Dilsad

2019 ඔස්කාර් සම්මානලාභී මෙන්න …

Mohamed Dilsad

Leave a Comment