දේශීය

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාගන්න අයට දැනුම් දීමක්

(UTV | කොළඹ) – සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව අද ලබාගැනීමට නියමිත එහෙත් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් නොලැබුණ පුද්ගලයින්ට අද (10) දිනයේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.  

කොළඹ මහ නගර සභාව සඳහන් කලේ පළමු එන්නත ලබාගත් ස්ථානයට යෑමේ අපහසුතා පවතින පුද්ගලයින්ට ද ඒ සඳහා යොමුවිය හැකි බවයි.

ඒ අනුව ගිය මස 10 වන දින පළමු එන්නත් ලබාගත් පිරිසට අද දිනයේ දී සුගතදාස ක්‍රීඩාංගනයේ දී දෙවැනි එන්නත ලබාගත හැකියාව පවතියි.

මීට අමතරව , මෙරටට ගෙන්වා ඇති කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනය තුල තවත් 396 දෙනෙක්ට එන්නත් කර තිබේ.

ඒ අනුව එය ලබාගත් සමස්ථ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් හතර දහස් හයසිය පනස් එක දක්වා ඉහල යනු ඇති.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 12000 ඉක්මවයි

Mohamed Dilsad

මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයි

Mohamed Dilsad

උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට අවසර

Mohamed Dilsad

Leave a Comment