දේශීයප්‍රමුඛ පුවත 3

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් වු පාරිසරික හානියේ ගණනය ඇරඹේ

(UTV | කොළඹ) – “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවය.

එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් එයට ටික කාලයක් ගත වන බවත් නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වු බව ද ඇය සඳහන් කළාය.

Related posts

වැලිකඩ පොලීසියේදී රාජකුමාරි ට සිදුවූ දේ පිළිබඳ සාක්ෂියක්

Mohamed Dilsad

තවත් කොමසාරිස්වරයෙක් පත් කෙරෙයි

Mohamed Dilsad

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

Leave a Comment