දේශීය

ITSSL සභාපති CID අත්අඩංගුවට

(UTV| කොළඹ) – ජනාධිපති කාර්යාලය ඇතුලු රජයේ ආයතන කිහිපයක වෙබ් අඩවි වෙත සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නම් සංවිධානයේ රජීව් මැතිව් යසිරු කුරුවිට නැමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

අදාළ සංවිධානයේ නමින් ඔහු විසින් දැන්වීමක් ලෙස එය පළකර තිබූ බව අනාවරණ වී ඇත.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාර හමුවේ අදාළ වෙබ් අඩවි සමග ගණුදෙනු කිරීමද ඇතැම් පාර්ශව විසින් අත්හිටුවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 

Related posts

මිරිහාන විරෝධතාකරුවන් අතර අන්තවාදීන්.. – ජනපති මාධ්‍ය අංශය

Mohamed Dilsad

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Editor O

දිස්ත්‍රික් අතර ගමනාගමනය ගැන ගැසට් නිවේදනයක් ඉදිරියේදී

Mohamed Dilsad

Leave a Comment