දේශීය

චන්දිමාල් සහ පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනයට

(UTV| කොළඹ) – උපන්දින සාදයක් පැවැත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පුද්ගලයන් 13 දෙනා සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙන්ම නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.  

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය වෙනුවෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක සාදයක් සංවිධාන කර තිබුණේ පසුගිය 30 වනදා රාත්‍රියේදියි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ සංචරණ සීමා කඩ කරමින් අදාළ සාදයට 30 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති බව පොලිසිය සඳහන්කර සිටියේය.

උපන්දින සාදය පැවැත්වීම සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පසුගිය 31 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට පියවර ගැණුනි.

එම උපන්දින සාදයට එක්වූ 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර , එහිදී ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය නියෝග කර ති​බේ.

Related posts

රංජන්ගේ නිවස පරීක්‍ෂා කරයි

Mohamed Dilsad

පවතින තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන්න [RELEASE]

Mohamed Dilsad

තංගල්ලේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment