දේශීය

දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ

(UTV | කොළඹ) – කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ.    

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය එය බවය.

එහිදී සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 72,887 දෙනෙකුට සහ ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 10,157 දෙනෙකු සඳහා ලබාදී තිබේ.

මීට අමතර ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 1,521 දෙනෙකු සඳහා ලබාදී ඇති අතර පුද්ගලයින් 347,310 දෙනෙකු සඳහා කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව සඳහන්ය.

මේ අතර , කොරෝනා එන්නතේ මාත්‍රා දෙකක් අනිවාර්යෙන් ලබාදිය යුතු පසුබිමක එය එක් මාත්‍රාවකට සීමා කිරීමට සූදානම් වන්නේ කුමන පදනමකින්දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විද්‍යා අංශයෙන් ප්‍රශ්ණ කරයි.

සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියේය.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තීරණාත්මක දේශපාලන තීන්දුවකට එළඹීමට සූදානමින්…!

Editor O

සාගල රත්නායක ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිය හෙට සහ අනිද්දාට පමණක් සීමාවෙයි

Mohamed Dilsad

Leave a Comment