ක්‍රීඩා

වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් CPL තරඟාවලියට

(UTV |බටහිර ඉන්දීය කොදෙව්) – කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් CPL තරගාවලියේ 2021 අදියර සඳහා ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Draft) හෙවත් තෝරා ගැනීම අද (28) සිදුකරනු ලැබීය.   

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද CPL කණ්ඩායම් විසින් තෝරා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව වනිදු හසරංග තෝරා ගනු ලැබුවේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ද නියෝජනය කරන ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසිනුයි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට තෝරාගනු ලැබීය.

සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානව සිය කණ්ඩායමට තෝරා පත්කරගෙන ඇත.

 

 

 

 

Related posts

දෙවන ටෙස්ට් තරගය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවයි

Mohamed Dilsad

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් සංචාරයක් පිලිබඳ සකච්ඡා

Mohamed Dilsad

Leave a Comment