දේශීය

කොවිඩ් ප්‍රතිකාර සඳහා ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක්

(UTV | කොළඹ) – කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඉදිරි දින දෙක තුළ මෙම පුහුණු කිරීම් කටයුතු ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත.   

දිවයිනේ විවිධ ප්‍රදේශවල ආයෝජන කලාපයන් හි ඇඟළුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ඉලක්ක කර ගනිමින් විශේෂිත එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට ද තීරණය කර තිබේ.

මෙරට ආර්ථිකය නගාසිටුවීමට ඝෘජුවම දායකත්වයක් දෙන වෙළෙඳ කලාපවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ආරක්ෂා කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී ඇත.

බස්නාහිර පළාතට මෙන් ම ප්‍රමුඛත්වය ලබාදිය යුතු අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවට ද එන්නත්කරණය සිදු කිරීමට සැලැසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරිය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

Related posts

අද සිට විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

පොළොන්නරුවේ සිද්ධස්ථාන කිහිපයක් අද දේශීය සංචාරකයින්ට සීමා වෙයි

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 536ක්

Mohamed Dilsad

Leave a Comment