දේශීය

දිස්ත්‍රික් 08 ක වසම් 28 ක් හුදෙකලා භාවයෙන් මුදා හරී

(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් 08 ක ග්‍රාම සේවා වසම් 28 ක් හුදෙකලා භාවයෙන් මුදා හැර තිබේ.  

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කැස්බෑව දකුණ , මාකන්දන නැගෙනහිර , දම්පේ , බටකැත්තර උතුර , මඩපාත , හල්පිට , කැස්බෑව නැගෙනහිර , මාකන්දන බටහිර , නිවුන්ගම , පොල්හේන , හොන්නන්තර දකුණ , හොන්නන්තර උතුර , දැල්තර නැගෙනහිර , දැල්තර බටහිර , නිවන්තිඩිය , මාම්පේ නැගෙනහිර ඊට අයත්.

මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ද හුදෙකලා බවෙන් ඉවත් කෙරුණි.

මීට අමතරව ගම්පහ මගුල්පොකුණ සහ පල්ලියවත්ත දකුණ , කලුතර මාකලන්දාව හා වලල්ලාවිට දකුණ , කෑගල්ල උඩපොත හා කැන්දාව / පුත්තලම මැද කිරිමැටියාන / අම්පාර නවමැදගම , ගාල්ල ඇල්පිටිය බටුවන්හේන , යාපනය කොඩිකාමම් මධ්‍යම හා උතුර ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ද ඉවත් කරනු ලැබීය.

මීට අමතරව මුලතිවුහි ප්‍රදේශ 11 ක හුදකලා තත්වය සංශෝධනය කර ඇත.

Related posts

දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

සාපෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment