විදෙස්

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

(UTV | මැද පෙරදිග) – මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්නැයි ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඊශ්‍රායල සහ පලස්තීන නායකයන්ට දැනුම් දෙයි.   

ඔහු මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ජගත් ආරක්ෂක කවුන්සිලය හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති වාතාවරණයකදීයි.

මේ අතර ඊයේ දිනයේදී ඇතිවූ ගැටුම්වලින් ළමුන් 10 ක් , කාන්තාවන් 16 ක් ඇතුලු 42 දෙනෙකු ගාසා තීරයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ අවශ්‍යතාවය පවතින තාක් නොනවත්වා ප්‍රහාර එල්ල කරන බවයි.

ගතවූ සතිය තුළ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීනය රොකට් ප්‍රහාර 3000 ක් පමණ එල්ල කර ඇත.

 

Related posts

කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩුවේ යෝජනාවක් සම්මතයි.

Editor O

ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමක්. සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කේ.පී ශර්මා අද දිවුරුම් දෙයි

Editor O

Leave a Comment