දේශීය

‘වෙලේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් නියෝගයක්

(UTV | ගාල්ල) – බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.   

එම නියෝගය අද (17) දින බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට දන්වා තිබේ.

එහිදී අභියාචනාධිකරණය නියෝග කළේ මේ මස 24 වනදා තෙක් ඔහුව එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙසය.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුතණුවන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරනු ලැබීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Related posts

කොවිඩ් එන්නත ලබාගත්තත් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

Mohamed Dilsad

රාජකාරී අවශ්‍යතාවයන්ට පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්

Editor O

Leave a Comment