දේශීය

අද සිට වැසි අඩුවන ලකුණු – නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (15) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය දින කිහිපයේ මිලිමීටර් 200 ඉක්ම වූ වැසි තත්ත්වයක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ නමුත් අද (15) දිනයේ මිලිමීටර් 75ක් පමණ වූ වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, දිස්ත්‍රික්ක 06 කට පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන අද රාත්‍රී 7 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නායයාම් අනතුරු නිවේදනය බලපැවැත්වෙනු ඇති.

ධාරාණිපාත වර්ශාව හමුවේ ගංගා කිහිපයක තවදුරටත් ඉහළ ජල මට්ටම් පවතියි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් පවුල් 2750 කට අයත් පුද්ගලයින් 11,542 ක් බලපෑමට ලක්ව ඇත.

Related posts

විපක්ෂයට වඩා, රාජ්‍ය පාලනය පිළිබඳ සුදුසුකම් මට තියෙනවා – මාලිමාවේ ලක්මාලි හේමචන්ද්‍ර

Editor O

ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයන් විසින් ඝාතනය කළේ යැයි කියන, පුද්ගල නාම ලේඛනයක් පාර්ලිමේන්තුවට

Editor O

සියලු විහාරස්ථානවල මහා සංඝරත්නයට රජයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment