විදෙස්

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට / ඊශ්‍රායලය අමතර භට පිරිස් සහ යුධ ටැංකි කැඳවයි

(UTV | ඊශ්‍රායලය) – ගාසා තීරය සමග වන දේශ සීමාවට ඊශ්‍රායලය විසින් අමතර භට පිරිස් සහ යුධ ටැංකි කැඳවා තිබෙන අතර , ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ ඔවුන් භූමි මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවට වාර්තා වෙයි.   

පලස්තීන සටන්කාමීන් විසින් ඊයේ දිනයේදී ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කර ඇත.

ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කල බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

මෙහිදී ගාසා තීරයේ පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඊශ්‍රායලයේ 07 දනෙකු ද මරණයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

උද්ගතව ඇති තත්වය හමුවේ ගුවන් සමාගම් රැසක් ගාසා තීරය මග හැර යාමට තීරණය කර ඇත.

 

Related posts

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගොස් – ඇමරිකානු ආරක්ෂක ලේකම් සහතික වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ හෝටලයක ගින්නක්-17ක් මරුට

Mohamed Dilsad

Leave a Comment