දේශීය

රිෂාඩ් ලබන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම්වලට

(UTV | කොළඹ) – රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එකඟ වී ඇති බව වාර්තා වෙයි.   

කතානායකවරයාගේ එකඟත්වය ලබාදී ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී සිදුකළ ඉල්ලීමකට අනුවයි.

රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයා නියෝග දී තිබුණද කිසියම් හෝ හේතුවක් මත එය සිදු නොවීය.

කෙසේවෙතත් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු එම රැස්වීම්වලදී කතානායකවරයාගෙන් ප්‍රශ්න කළ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර වාද විවාද ඇති විය.

සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා පසුගිය සෙනසුරාදා (24) අලුයම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

 

 

Related posts

එජාප ජතිලා ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කිරීම තවත් කල් යයි

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි

Mohamed Dilsad

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

Editor O

Leave a Comment