ගොසිප්

ශ්‍රී ලංකාව කොරෝනා’රතු ලැයිස්තුව’ අභියස – ධනවතුන් රටින් පිටවෙන්න පටන් අරන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඉදිරි සතිය පමණ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ උපරිම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.   

මේ තත්ත්වය හේතු කරගෙන මෙරට සිටින මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකේය ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම ද්විත්ව පුරවැසියන් ද රටින් පිටව යාමට පටන් ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආගමන විගමන පරිගණක දත්ත පෙන්වා දෙතැයි ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

දැනට ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අමතරව Black fungus (කළු දීලීර) වසංගතයක් ද ඉන්දියාව හරහා මෙරටට පැමිණීමේ අවධානමක්
පවතින බව ද ඔහු පවසයි.

රට පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගතයට විසඳුමක් දීමට නොහැකිව සිටින රාජපක්ෂ ආණ්ඩුවට මේ වසංගතයට කෙසේ මුහුණදේවි දැයි සිතා ගන්නට බැරි බව ද සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

Related posts

රජයෙන් නත්තලට දුන් ණය සහනය සිහිනයක්ම වෙයි

Mohamed Dilsad

වසා දැමුණු අටුළුගම රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා

Mohamed Dilsad

රනිල් 23දා ජය නැකතින් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment