විදෙස්

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට

(UTV | පලස්තීනය) – ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

ඊශ්‍රායල පාර්ශවයේ ද පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති බව එම වාර්තාවල සඳහන්.

ගාසා තීරයේ මහල් ගොඩනැගිලි රැසක් ගුවන් ප්‍රහාර වලින් විනාශ වූ අතර, මෙය 2014 වසරෙන් පසු ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වූ දරුණුතම ගැටුම ලෙස සැලකෙයි.

මැදපෙරදිග ජගත් සංවිධාන විශේෂ නියෝජිත ටෝර් වෙන්ස්ලෑන්ඩ් ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවයි.

කිසිඳු අවස්ථාවක ළමුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානී ⁣හෙන්රිටිටා ෆොරේ අයාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඇය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ පාසලක් අසල සිදූවූ ⁣⁣බෝම්බ පිපිරීමකින් පාසල් දරැදැරියන් පනහකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක්වීමෙන් අනතුරුවයි.

අදාළ ⁣බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් අසූවකට ආසන්න පිරිසක් මියගොස් එකසිය හැත්තෑවකට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

 

Related posts

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

රජිනිකාන්ත්, කමල් හසන් දේශපාලනයට

Mohamed Dilsad

ඉන්දියාවෙන් දිනකදී කොවිඩ් ආසාදිතයන් 82,860 ක්

Mohamed Dilsad

Leave a Comment