විදෙස්

ඇමරිකාවේ ළමුන්ටත් කොවිඩ් එන්නතට අවසර හිමිවෙයි

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer BioNTech කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12-15ත් අතර ළමුන් සඳහා ලබාදීමට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA ) අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

වයස අවුරුදු 12-15 අතර ළමුන් 2,260 ක් සම්බන්ධ කරගෙන ෆයිසර් සහ බයෝ එන්ටෙක් විසින් කරන ලද සායනික පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වන විට ජාතියේ ජනගහනයෙන් 70% කට අවම වශයෙන් එක් එන්නතක් ලබාදීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

Mohamed Dilsad

අමෙරිකානු කඳවුරු දෙකකට ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment