විදෙස්

විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී ක්‍රියාකාරිණියක වූ එරට ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ වෙන් වූ ප්‍රිය බිරිඳ විනී මැන්ඩෙලා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 81ක් වන වියේ පසුවූවාය.

සිය සැමියා වූ නෙල්සන් මැන්ඩෙලා සමඟ විනී මැන්ඩෙලා ද දශක 03කට අධික වර්ණභේද විරෝධී අරගලයේදී සිරගත වී තිබේ.

සමාජ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී 1950 දශකයේදී සිය අනාගත සැමියා වූ නෙල්සන් මැන්ඩෙලා හමුවූ විනී, පසුව ඔහු සමඟ වසර 38ක විවාහ දිවියක් ගත කළාය.

කෙසේ නමුත්, ඉන් වසර 30ක් පමණ නෙල්සන් මැන්ඩෙලා වර්ණභේදවාදී සුදු පාලකයන් විසින් සිරගත කොට තිබුණි.

1990 වසරේ බන්ධනාගාරයෙන් නිදහස ලැබූ නෙල්සන් මැන්ඩෙලා සමඟ විනී මැන්ඩෙලා යළි වර්ණභේද විරෝධී සටනට එක්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමරිකානු යුධ නෞකාවක් අනවසරයෙන් චීන මුහුදේ

Mohamed Dilsad

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලි හවුති කැරළිකරුවන් අතට

Mohamed Dilsad

Leave a Comment