විදෙස්

තමිල්නාඩුව සති 2 කට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණයක්

(UTV | ඉන්දියාව) – එළඹෙන සඳුදා සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සති 2 ක් වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කරමින් සිටී.   

එම ප්‍රාන්තයේ මහ ඇමති එම්. කේ. ස්ටාලින් ඒ බව නිවේදනය කර ඇත.

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් එම තීරණය ගත් බවද ඔහු පැවසීය.

මේ අතර සති දෙකක කාලයක් සඳහා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය ද වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා උදෑසන 6.00 සිට ලබන 24 වැනිදා උදෑසන 6.00 දක්වා කාලය තුළ එම ප්‍රාන්තය වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී ඇත.

කර්ණාටක ප්‍රාන්තයේ දිනකට කොවිඩ් -19 ආසාදිතයින් 50,000කට අධික පිරිසක් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්

Mohamed Dilsad

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment