ගොසිප්

කොරෝනා නැතිකරන්න දැන්වත් මට අවස්ථාවක් දෙන්න

(UTV| කොළඹ) – ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ආශිර්වාදය ලැබෙයි නම් මේ වන විට රට තුළ පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය තුරන් කිරීමට සහාය ශක්තිය ලබාදීමට තමන් සූදානම් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

ඉන්දියාවේ කොරෝනා එන්නත මේ වන විට ඉන්දියාවේදීම අසාර්ථක බව ද පවසන ඔහු මහා භද්‍රකාලී පැණිය ගැන හෙළයන්ගේ විශ්වාසය රැකිය යුතු බවද හෙතෙම කියා සිටියි.

මීට මාස කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් කොවිඩ් ආසාදනය වීම මර්දනය කළ හැකි යැයි හඳුන්වා දුන් දේශීය ඖෂධීය පානයක් පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති විය.

විශේෂයෙන්ම මෙම පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ටම කොවිඩ් 19 ආසාදනය වීමත් සමගම බොහෝ දෙනා මෙම “ධම්මික පැණියේ” සාර්ථකත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

Related posts

ශ්‍රී ලංකාව LockDown කිරීම ගැන මහේලගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

“දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා..” – වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව – Photos

Mohamed Dilsad

නංගී අතින් අයියා ඝාතනය වෙයි

Mohamed Dilsad

Leave a Comment