දේශීය

ලොව රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට සංචාරක උපදෙස්

(UTV | කොළඹ) – මෙරට කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීමෙන් පසුව ලෝකයේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන නිකුත් කර තිබේ.  

ඒ අනුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙන බව වාර්තා වෙයි.

වසංගත ව්‍යාප්තිය ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට තුන්වැනි අවදානම් මට්ටම දක්වා පැමිණ තිබෙන අතර , ප්‍රජාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් කෙටි දැනුම්දීමකින් ගුවන් ගමන් සහ ගුවන් තොටුපොළ මෙහෙයුම්වල වෙනස්කම් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවද එම රටවල් සිය සංචාරක උපදෙස්වල දක්වා ඇත.

වසංගතයෙන් ඇති වන සෞඛ්‍ය අවදානම සහ ගෝලීය සංචාරයට ඇති බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේ දී සැලකිලිමත් වන ලෙස ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

STF නව අණදෙන නිලධාරී ලෙස වරුණ ජයසුන්දර පත් කරයි [RELEASE]

Mohamed Dilsad

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

ස්පුට්නික් එන්නත් 15,000 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment