විදෙස්

අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂය ඉක්මවයි

(UTV | ඉන්දියාව) – අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ 23,144 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.  

ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව එක්කෝටි 76 ලක්ෂය ඉක්ම වන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව මෙලෙස තුන්ලක්ෂය ඉක්මවා ඇත්තේ අඛණ්ඩ 6 වන දිනටයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් නැවතත් 48,700ක වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කේරළ, කර්ණාටක, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ දිල්ලි ප්‍රාන්තවලින් ද ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වෙයි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට

Mohamed Dilsad

සැප්තැම්බර් 11 අල්ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 18යි

Mohamed Dilsad

කොවිඩ් එන්නත නොමිලේ රෝගීන්ට දීමට සැරසෙන තවත් රටක්

Mohamed Dilsad

Leave a Comment