දේශීය

දිස්ත්‍රික්ක තුනක් කොවිඩ් අධි අවධානම් කලාප ලෙස PHI සංගමය නම් කරයි

(UTV| කොළඹ) –කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මේ අතර, මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී තිබේ.

ඊයේ (23) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 969 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

ගෝලීය කොවිඩ් ආසාදන කෝටි 40 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment