කලා

Godzilla Vs. Kong ආදායම් වාර්තා අලුත් කරයි

(UTV | කොළඹ) – මෑතකදී ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Godzilla Vs. Kong චිත්‍රපටයට වාර්තා පොත් අලුත් කරන්නට හැකියාව ලැබී ඇති බව සඳහන්.   

ඒ කොවිඩ් වසංගතය පවතින මෙම කාල වකවානුව තුල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්වෙමින්.

ඒ අනුව Godzilla Vs. Kong චිත්‍රපටයට ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති තුන ඇතුළත උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 390ක්.

ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති තුන ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන 365ක් උපයමින් Tenet චිත්‍රපටය මීට පෙර, කොවිඩ් වසංගතය තත්ත්වය පවතින කාල වකවානුවේ වැඩිම ආදායමක් උපයා තිබුණි.

ඇඩම් වින්ගාර්ඩ් අධ්‍යක්ෂණය කළ Godzilla Vs. Kong චිත්‍රපටය පසුගිය මාර්තු මස 24 වනදා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.

මෙම චිත්‍රපටය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 155 – 200ත් අතර පිරිවැයක් දරා ඇත.

 

Related posts

“ෆෝලන් කින්ඩම්” ඇමෙරිකාවේදී එළි දකී

Mohamed Dilsad

ජෙරම් රේනර් සිය අලුත්ම ගීතය එළිදක්වයි (video)

Mohamed Dilsad

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment