දේශීය

කුලියාපිටියේ ප්‍රදේශ කීපයක් වැසෙයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදෙකලා කිරීමට අද (22) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.  

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී බ්‍රිගේඩියර් සජිත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී දැනට පවතින පැතිරයාමේ අවධානම සැළකිල්ලට එසේ සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උත්පල සංකල්ප මහතා පවසයි.

කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප‍්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බවද වෛද්‍යවරයා පවසයි.

 

Related posts

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට අවධානය

Mohamed Dilsad

අවි පෙන්වා නිවසක් කොල්ලකෑ කල්ලියේ ප්‍රධානියකු අත්අඩංගුවට

Mohamed Dilsad

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

Mohamed Dilsad

Leave a Comment