ගොසිප්

ඩයනාගේ ප්‍රකාශය සමස්ත කාන්තා පරපුරටම නිගාවක් – ඕමල්පේ සෝභිත හිමි

(UTV | කොළඹ) – මත්පැන් අලෙවිසැල් විවෘතව තබන කාල සීමාව දීර්ඝ කරන ලෙස යෝජනා කරමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සමස්ත කාන්තා පරපුරටම නින්දාවක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.  

ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් උන් වහන්සේ මෙම අදහස් පල කළා. සංවර්ධනයක් අපේක්ෂාවෙන් ජනතාව පත්කළ පිරිස් රට විනාශකරමින් සිටින බවයි උන්වහන්සේ එහිදී චෝදනා කළේ.

මද්‍යසාරවලින් ලැබෙන බදු අදායම්වලට වඩා එයින් සිදුවන විනාශ සම්බන්ධයෙන් වඩාත් අවදානය යොමුකළ යුතු බවද ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් අවධාරණය කළහ.

කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයි යෝජනා කරන බව සමගි ජන බලවේගය මන්ත්‍රීනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

“රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි” යනුවෙන්ද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එහිදී පවසා සිටියාය.

Related posts

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

Mohamed Dilsad

සංඥා ලාම්පු අසළ යාචකයන්ට සහ ඔවුන්ට මුදල් දෙන අයටත් නඩු

Mohamed Dilsad

නිරෝධායනය වන පවුලකට ප්‍රදේශවාසීන් පහර දෙයි

Mohamed Dilsad

Leave a Comment