දේශීය

කොවිඩ් මරණ 5ක් – තුනක් ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කර තිබේ.

ඒ් අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළගොස් ඇත.

එසේ මරණයට පත්ව ඇත්තේ සෙවණගල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ජාඇළ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැලණිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

Mohamed Dilsad

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක්

Mohamed Dilsad

මාර්ග කිහිපයක් අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment