දේශීය

ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ගැන පරීක්ෂණ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.   

මෙරටින් මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දින කිහිපය තුළ දී වාර්තා වී ඇති බව එහි සඳහන්.

මෙම වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ඔවුන් දැඩිව අවධාරණය කරයි.

එමෙන්ම සිංහල – දෙමල අලුත් අවුරුද්දෙන් පසු මෙරට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ මේ දිනවල කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වීම නව ප්‍රභේදයක් ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බවයි.

එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඉල්ලා සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කල අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් සඳහන්.

 

Related posts

අගමැති ආචාර්යය හරිනි අමරසූරියට විරුද්ධව මහාචාර්යවරයෙක් උසාවි යයි

Editor O

13 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී

Mohamed Dilsad

ජනතාව නොමග යවමින් පළවන අසත්‍ය ප්‍රචාර ගැන නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment