දේශීය

ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු සමග වැසි

(UTV | කොළඹ) – අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    

ඒ අනුව මධ්‍යම , ඌව , දකුණු සහ නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත් වල තැනින් තැන මිලි මීටර 75 ඉක්මවූ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

Related posts

මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය ට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කරයි…

Editor O

මංතීරු නීතිය කඩ කළොත් දඩය 2000ක්

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment