ගොසිප්

ගෝඨාභය මහත්තයෝ ජොබ් එක දන්නැතිනම් නම්බුව තියලා ගෙදර යන්න

(UTV | කොළඹ) – ජනාධිපති ධුරයේ රාජකාරි කිරීමට හරි හැටි නොදන්නේ නම්, රුහුණේ නම්බුව තියා ගෙදර යන්නයි හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා ඊයේ (16) මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර සිටියේය.  

ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂට දුරකතනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඔහු එම මාධ්‍ය සාකච්ජාව කැඳවා තිබිණ.

මර්වින් සිල්වා මාධ්‍ය සාකච්ජාව අරඹමින් කියා සිටියේ, තමා මෙම ස්ථානයට පැමිණියේ කනත්තේද ඉඩක් වෙන්කර ගනිමින් ජයරත්න අවමංගල්‍ය සේවයට මුදල් ගෙවීමටද කටයුතු යොදා බවයි.

රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට රුහුණේ විජේදාස මන්ත්‍රීවරයාගේ ඥාති පරම්පරාව හා තමන්ගේ ඥාතී පරම්පරාව ඉතිහාසයේ කටයුතු කළ ආකාරය මෙහිදී සිහිපත්කල මර්වින් සිල්වා, මුල අමතක නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ වැනි රාජපක්ෂවරුන්ට අපහස නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඇතැමුන්ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු කිරීමට උවමන වී ඇතැයි පැවසු මර්වින් සිල්වා, අවසානයේ හිට්ලර්ට හා ඔහුගේ අනුගාමිකයින්ට අත්වූ ඉරණම පෙන්වා දුන්නේය.

පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දුරකතනයෙන් අමතා අධම හා අශෝභන ලෙස බැන වැදුන බව ‘පොහොට්ටු’ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ සිය නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ බවත්, තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

Related posts

රජයෙන් නත්තලට දුන් ණය සහනය සිහිනයක්ම වෙයි

Mohamed Dilsad

රුපියල් 1,000 සමරු කාසියක්

Mohamed Dilsad

අෆ්රිඩි LPL දමා ගෙදර ගිය හේතුව

Mohamed Dilsad

Leave a Comment