ව්‍යාපාරික

රාවුල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

(UTV | කියුබාව) – කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පිදෙල් කැස්ත්‍රෝ ගේ සහෝදරයා වන රාවුල් කැස්ත්‍රෝ නිළ වශයෙන් දන්වා තිබේ.    

පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදීමට තමා සූදානම් බව දන්වා තිබේ.

1959 සිට දශක 06ක පමණ කාලයක් කැස්ත්‍රෝ පවුලට හිමිව තිබූ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය වෙනත් පාර්ශවයකට හිමි වීමට නියමිතය.

ඒ අනුව දින 04ක් පුරා පැවැත්වෙන කොංග්‍රස් රැස්විමේදී ඡන්ද විමසීමක් මගින් නව නායකයා තෝරා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

 

Related posts

සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයට පියවර

Mohamed Dilsad

බද්ද නිසා කැරට් 18ට ඉල්ලුමක්

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment