ව්‍යාපාරික

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

(UTV | කොළඹ) – අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන් හි ගෝලීය ආකර්ෂණීය බව අඛණ්ඩව සනාථ කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 පාටා සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව මෙවර පාටා සම්මාන උළෙලේ දී නම් කළ ජයග්‍රාහකයින් 20 දෙනා අතරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද එක්විය.

ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් වලට සිත් ඇද ගන්නා සුලු සන්සුන් ගමනක් සදහා ශ්‍රී ලංකාව විශිෂ්ට ගමනාන්තයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ මෙම දෘශ්‍ය නිරූපණයේ සදහන් වේ.

ඉන්දියාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාලතම වෙළඳපළ වන අතර , පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් එය 80% ක පසුබෑමකට ලක් වී තිබේ.

එහෙයින් Next Door Neighbors සහ Serendipity Next Door යන අලෙවිකරණ ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණය රදවා ගැනීමේ ඵලදායි ව්‍යාපාරයක් වී තිබේ .

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගමනාන්තයක වරප්‍රසාද අත්විදීමේ හැකියාව මෙමගින් නිරූපණය වේ.

මෙය සිනමාව, ගුවන් විදුලිය, ඩිජිටල් සහ වෙළෙඳ ප්‍රචාර ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ දිග හැරෙන 360° ක නිර්මාණාත්මක වැඩසටහනකි .

මෙම වීඩියෝ දර්ශන මුහුණු පොතෙන් මිලියන 73 ක් ද , යූ ටියුබ් හි මිලියන 2.2 ක් ද නරඹා ඇත.

Related posts

කොටස් වෙළඳපොළ පහළට

Mohamed Dilsad

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර

Editor O

බස් ගාස්තුත් ලබන සතියේ සිට වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment