දේශීය

සබරගමු සරසවියේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳුදා ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු අනිද්දා (19) දිනයේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේය.   

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරනු ඇත.

විද්‍යා, භාෂා සහ භූවිඥාපන පීඨවල අධ්‍යන කටයුතු අප්‍රේල් මස 20 වැනි දිනත්, කළමනාකරණ අධ්‍යන පීඨයේ ඉගැන්වීම් කටයුතු 24 වැනි දිනත් ආරම්භ කිරීමට නියමිතය.

මෙම පීඨවල පළමු වසර සිසුන් අධ්‍යන කටයුතු අරම්භ කරන දිනට පෙර දින නේවාසිකාගාරවලට පැමිණෙන ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ ය.

 

Related posts

ICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

ගෑස් ගැටලුව විසඳන්න කමිටුවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂසමේ තවත් රැස්වීමක් අනිද්දා

Mohamed Dilsad

Leave a Comment