ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් , පළමු ජයග්‍රහණය වාර්තා කරයි

(UTV | ඉන්දියාව) – මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 10ක ජයක් වාර්තා කරමින්. චෙන්නායි හි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී සියලූ දෙනා ලකුණු 152ක් රැස් කිරීමට සමත්වුණා. සූර්ය කුමාර් යාදව් ලකුණූ 56 යි. නායක රොහිත් ෂර්මා ලකුණු 43ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අන්ද්‍රෙ රසල්, පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් ලකුණු 15 කට බිද හෙලූ කඩුලූ සංඛ්‍යාව 5ක්. එය වාර්තා වූයේ අයි පී එල් තරගාවලි ඉතිහාසයේ පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් පන්දු යවන්නෙකු දැක්වූ හොදම දක්ෂතාව ලෙසයි. එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දුයැවීම ලෙසද මෙය වාර්තා පොතට එක් වුණා.

ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 7 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 142ක් පමණයි. කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ල සදහා ලකුණු 72ක සාර්ථක සබදතාවක් ගොඩනැගුව ද කණ්ඩායමේ සෙසු පිතිකරුවන් අසාර්ථක වීම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පරාජයට හේතු වුණා.

Related posts

ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට සුදානම්

Mohamed Dilsad

ආසියානු රග්බි ශූරතා තරඟාවලියේ පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

අක්මාල්ගේ අභියාචනව ස්වාධීන තීරකවරයෙකු යටතේ විභාග කරයි

Mohamed Dilsad

Leave a Comment