ක්‍රීඩා

IPL ඊයේ තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස්ට ලකුණු 10 කින් ජය

(UTV| කොළඹ) – IPL තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ළකුණු 10 කින් පරාජය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.    

චෙන්නායි හිදී පැවති තරගයේ මුලින් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් බිඳවැටී ලබාගත් ළකුණු ගණන 187 ක්. නිතිෂ් රයිනා 80 ක්ද රාහුල් ත්‍රිපති 53 ක්ද රැස්කළහ.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලබාගත්තේ ළකුණු 177 ක් පමණයි.

මනීෂ් පාණ්ඩේ 61 යි. ජොනී බෙයාර්ස්ටෝ 55 යි.

IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගය අද මුම්බායි හිදී පැවැත්වෙයි.

 

Related posts

ලෝක කුසලානය සඳහා එන නවසීලන්ත සංචිතය මෙන්න

Mohamed Dilsad

අවිශ්ක ගුණවර්ධනව ජාතික කණ්ඩායමට පත් කෙරෙයි.

Mohamed Dilsad

පාසල් රග්බි වසන්තය 14 ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment