විදෙස්

කොරෝනා නීති කැඩූ නෝර්වේ අග්‍රාමාත්‍යවරියට දඩ

(UTV | නෝර්වේ) – කොවිඩ් 19 නව කොරෝනා වෛරස පාලනයට පැනවූ තහංචි නොතකා උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සොල්බර්ග්ට දඩයක් ගෙවීමට නියම කර ඇති බව එරට පොලිසිය පවසයි.   

කොවිඩ් 19 පාලනය සඳහා නෝර්වේ සෞඛ්‍ය අංශ පනවා ඇති නීතීවලට අනුව ,පුද්ගලයන් 10 දෙනෙකුට වඩා ඒකරාශී වීම තහනම් අතර ,සෑමවිටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතුවනවා

අග්‍රාමාත්‍යවරිය එම සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර සිය 60 වැනි උපන්දින සාදය පවත්වා ඇත්තේ කඳුකරයේ නිවාඩු නිකේතනයකදීය.

අග්‍රාමාත්‍යවරිය සහ ඇගේ සැමියා විසින් සැලසුම් කර තිබු උපන් දින සාදයට ඇගේ ඥාතීන් 13 දෙනෙකුට ඇරයුම් කර ඇති අතර , කෙසේ නමුත් පුද්ගලයන් 10 දෙනෙකුට ඒකරාශී වීම තහනම් යන නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට ඇමරිකන් ඩොලර් 2352 දඩ ගෙවීමට සිදුව ඇති බව පොලිස්පති ඕලේ සෝවාද් පවසයි.

“නීතිය කාටත් පොදුයි ,අග්‍රාමාත්‍යවරිය කියා විශේෂත්වයක් නැහැ ,වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” යැයි එරට පොලිස්පතිවරයා මාධ්‍ය හමුවකදී අවධාරණය කර ඇත්තේ එසේය.

 

 

 

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

ලොව පුරා රටවල් වලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 පනී

Mohamed Dilsad

ප්‍රතිඵල සමවීම නිසා ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment