දේශීය

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් 900 කට අධික පිරිසක් අත්ඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 925 දෙනා අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, වරෙන්තුකරුවන් 306 දෙනෙකු, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු ද සිටින අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

ගුරුවරුන්ගේ වැඩ වර්ජන ගැන ඇමති සුසිල්ගෙන් සැර කතාවක්

Editor O

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment