විදෙස්

පිලිප් කුමරු නිසා බ්‍රිතාන්‍යයම නිහඬ වෙයි

(UTV | එංගලන්තය) – බ්‍රිතාන්‍යය පිලිප් කුමරුගේ අභාවය හේතුවෙන් එරට තුළ දින 08ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය අවසන් වන්නේ ලබන සෙනසුරාදයි. එදින පිලිප් කුමරුගේ අවසන් කැමැත්ත අනුව චාම් සහ චාරිත්‍රානුකූල උත්සවයකින් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

අවමංගල්‍ය උත්සවයට පෙර විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමටයි බකින්හැං මාලිගය තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් පිලිප් කුමරුගේ අභාවය හේතුවෙන් බ්‍රිතාන්‍යය රජ පවුල සති දෙකක ශෝක කාලයක් ආරක්ෂා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් නියමිත රාජකීය කටයුතු නිසි පරිදි සිදු කිරීමට නියමිතයි.

පිලිප් කුමරුට අවසන් ගෞරව දක්වමින් ඊයේ දිනයේ බ්‍රිතාන්‍යයේ සියලු නගර අවාරණය වන පරිදි ආචාර වෙඩිමුර පැවැත්වූ අතර රාජකීය නාවික හමුදාව ද ඊට එක්වුයේ මුහුදේ සිටයි.

Related posts

ඉරාන ජනාධිපතිවරණය අද

Mohamed Dilsad

කැලිෆෝනියා ලැව් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

මුල්‍ය අර්බුදයට මී හරක් විකිණු පාකිස්ථාන අගමැති

Mohamed Dilsad

Leave a Comment