ගොසිප්

පිලිප් කුමරුගේ අවමගුලට හැරී විතරයි – මේගන් නෑලු

(UTV | එංගලන්තය) – දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනි සෙනසුරාදා පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය.

ඒ අනුව, පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වීමට නියමිත ය.

රාජකීය නිලධාරීන් සඳහන් කරන්නේ , එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ෂබ්දතාවත් පැවැත්වීමට ද නියමිත බවය.

රාජකීය යුවලගේ වැඩිමහල් පුත් සිංහාසනයේ උරුමක්කාරයා වන චාල්ස් කුමරු සිය ආදරණීය පියාට හෘදයාංගම උපහාරයක් පිරිනමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සීමිත පැමිණීම් මධ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිත අතර, රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් අවමංගල්‍ය උළෙලට සහභාගී වෙයි.

නමුත් සම්ප්‍රදායික රාජකීය අවමංගල්‍ය උත්සවයකදී පැවැත්වෙන පෙරහැර මෙහිදී නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මේ වනවිට කාගේත් අවධානය යොමුව ඇත්‌තේ, අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වන්නන් අතර හැරී කුමරු සිටිනවා ද යන්නයි.

රාජකීය නිලධාරීන් සඳහන් කරන්නේ , පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයට හැරී කුමරු සහභාගී වන බවත්, මේ වනවිට සිය දෙවන දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හැරී කුමරුගේ බිරිඳ මේගන් මාක්ල් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බවත් ය.

Related posts

බස්නාහිර ඇඳිරි නීතිය ඉවතට.ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා වෙයි

Mohamed Dilsad

ඊයේ රාත්‍රියෙන් පසු විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්

Mohamed Dilsad

තවත් පළාතක් හුදෙකලා කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment