විදෙස්

කොරෝනා හමුවේ බ්‍රිතාන්‍ය ආර්ථිකය ප්‍රබල පසුබෑමක

(UTV | කොවිඩ් 19) – මේ වන විට ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට දෙකෝටි අට ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය සමයේ දී යුරෝපා කලාපයේ වසංගත ව්‍යාප්තිය සාපේක්ෂව පහළ ගිය නමුත් මේ වනවිට නැවතත් ඊට වඩා වේගයෙන් වෛරසය පැතිර යන බව අදාළ වාර්තාවල සඳහන් වෙයි.

මෙවන් වාතාවරණයක දී බ්‍රිතාන්‍යයේ ආර්ථිකය 20.4 % ක ප්‍රබල පසුබෑමක් වාර්තා කර තිබේ.

2020 වසරේ දෙවැනි කාර්තුවේ දී කොවිඩ් වසංගතය පැතිරයාමත් සමගින් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර , ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, කාර්තු වශයෙන් ආර්ථික වර්ධන සලකාබැලීම හඳුන්වාදුන් 1955 වසරේ සිට එරටින් වාර්තා වූ විශාලතම ආර්ථික පසුබැස්ම මෙය බවය.

රට අකර්මණ්‍ය කිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර හා කර්මාන්ත වසාදැමීමෙන් මේ තත්ත්වය උද්ගත වූ බවත් ‍බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

අපේ කාලයේ ආදර්ශමත් ප්‍රේමයක්(ඡායාරූප)

Mohamed Dilsad

මෙක්සිකොවේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක්

Editor O

Leave a Comment