ව්‍යාපාරික

කුකුළු මස් උපරිම සිල්ලර මිල ගැන එකඟතාවයකට

(UTV| කොළඹ) –කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග ඊයේ  (10) පැවති සාකච්ඡාවකදී තීරණයකර තිබේ.

වෙළෙඳපොළේ දිනෙන් දින කුකුළු මස් මිල ඉහළයෑම හේතුවෙන් පිටකොටුව කුකුළු මස් ව්‍යාපාරිකයින් පසුගියදා එම වෙළෙඳාමෙන් ඉවත්වීමට ද පියවරගෙන තිබුණි.

“බොයිලර් කුකුළු මස් කිලෝවක් රුපියල් 430 ට අලෙවි කරන එක කිසිඳු ගැටලුවකින් තොරව අවශ්‍ය ඕනම ප්‍රමාණයක් වෙළෙඳපොළට ලබාදීමට එම සමාගම් අද කැමැත්ත පළ කළා. ඒ වගේම අතරමැදියන්ගේ අලෙවිය සම්බන්ධයෙන් තිබුණු ගැටලුවත් නිරාකරණය වුණා. නිෂ්පාදන සමාගම් පොරොන්දු වුණා අතරමැදියන්ට රු.375ට දෙන්න. අතරමැදියන් පොරොන්දු වුණා වෙළෙදුන්ව ඒ පිළිබඳව දැනුවත් කරන්න. රුපියල් 600කට වඩා වැඩියෙන් වෙළෙඳපොළේ අලෙවි නොකිරීමට අවශ්‍ය කටයුතු යොදනවා කියලත් තීරණය වුණා,” සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Related posts

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Mohamed Dilsad

ඔපෙක් සංවිධානය සහ රුසියාව අතර සාකච්ඡා කල් යයි

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ ලබාදීමට ප්‍රජා පාදක ගම්මාන 07ක්

Mohamed Dilsad

Leave a Comment