දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අනිද්දා විවෘතයි

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය ලබන 12 වැනිදා සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එදින රජයේ නිවාඩු දිනයක් වුවද වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් අදාළ කාර්යාල විවෘතව තැබෙන බවය.

ඊට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට කාර්යාල ද කලින් වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related posts

හෙරොයින් කිලෝ 100 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

Mohamed Dilsad

”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයි

Editor O

Leave a Comment