දේශීය

හෙරොයින් කිලෝ 100 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – හෙරොයින් කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 03 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැලිගම ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබූ මෝටර් රථයක්ද මෙහිදී සොයාගෙන ඇති බවයි.

සැකකරුවන් සහ හෙරොයින් තොගය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

 

Related posts

රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

ජනාධිපති හිමිකම් පනත ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

Editor O

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

Mohamed Dilsad

Leave a Comment