දේශීය

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

(UTV | කොළඹ) –එළඹෙන උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී ඔහු ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ද නිසිලෙස සිදුකරන ලෙසය.

මේ අතර එළඹෙන උත්සව සමය තුළ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය තුළ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කළයුතු බවද ඔහු පැවසීය.

Related posts

දයාසිරි ගැන විමර්ශනය කරන්න පත් කළ කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

Editor O

ආණ්ඩුවේ අය තරගෙට බොරු කියනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

බන්ධනාගාර රැඳවියන්ගේ උපවාසය අවසන්

Mohamed Dilsad

Leave a Comment